කොස් කඩන්න බලපත්‍ර ?

රජයට අයත් වන රක්ෂිතවල කොස් ගස් වල කොස් කඩා ගැනීම සඳහා වනාන්තරවලට ඇතුළුවීමට මුදල් අයකිරීමකින් තොරව බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

රක්‍ෂිත වනාන්තර වැවෙන කොස් සහ දෙල් ජනතාවට ලබා ගැනීමට අවසර දීමෙන් පවතින ආහාර අර්බුදයට යම් සහනයක් ලැබෙනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

වන සංරක්ෂණ ඉඩම් හෙක්ටයාර් තුන් දහසක් පමණ රට පුරා තිබෙන බවත් ඒ ඉඩම්වල හටගන්නා කොස් ගස් යට වැටී කුණුවී යන බව නිළධාරීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම මෙවර වන රක්ෂිතවල කොස් ඵලදාව ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පෙන්වා දී ඇත.

මෙරට වාර්ෂික අස්වැන්න දී කොස් ගෙඩි කෝටි 28 ක් පමණ වන බවත් එයින් ප්‍රයෝජන ගන්නේ කෝටි අටක් පමණ වන බවත් ඉතිරි සියල්ල ප්‍රමාණය අපතේ යන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු පෙන්වා දීමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19