අර්බුදවලට මැදි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සතුටක් ගෙන ඒමට අපිට හැකි වේවි ! – ආරොන් ෆින්ච්

මේ වනවිට ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මැදි වී සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට යම් ප්‍රීතියක් ගෙන ඒමට තම කණ්ඩායමට හැකි වනු ඇතැයි ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර නායක ආරොන් ෆින්ච් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වෙත අද (03) අදහස් දක්වමින් ආරොන් ෆින්ච් මේ බව සඳහන් කර තිබෙනවා.

“අපි ආවේ ක්‍රිකට් ගහන්න. ශ්‍රී ලංකාවට යම් ප්‍රීතියක්, විනෝදාස්වාදයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා, 2016 වසරෙන් පසු අප මෙහි පැමිණි පළමු අවස්ථාව මෙයයි, එය දිගු කාල පරතරයක්,”

“ශ්‍රී ලංකාව සංචාරය කිරීමට එතරම්ම විශේෂ ස්ථානයක්. ඔබට මෙහි ලැබෙන ආගන්තුක සත්කාරය, සුහදශීලි බව සහ ක්‍රීඩාවට ඔවුන් දක්වන ආදරය ඇදහිය නොහැකි තරම්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ මංගල විස්සයි විස්ස ලෝක ශූරතාව දිනා ගැනීමට නායකත්වය දුන් ෆින්ච්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දක්වා සිටියා.

“අපිට ශ්‍රී ලංකාව සමඟ සමීප තරඟ කිහිපයක් තිබුණා, ඔවුන් ඉතා භයානක කණ්ඩායමක්, ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ දෙස බැලුවොත් කුසල් මෙන්ඩිස් ඉන්නවා ඔහුගේ දවසේ දී ඔහු ඕනෑම කණ්ඩායමකට හානිකර වෙන්න පුළුවන්, ඒ වගේම තමයි වනිඳු හසරංග ඔහු අවසන් වසර දෙකේ දී විස්සයි විස්ස පිටිය තුළ ඇදහිය නොහැකි දක්ෂතා දැක්වූවා.”

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම දීර්ඝ තරග මාලාවක් සඳහා පසුගිය පළමු වනදා මෙරටට පැමිණියා.

ඒ අනුව දෙරට අතර දීර්ඝ තරග මාලාවක් ලබන 07 වනදා ඇරඹෙන අතර එහි පළමුව පැවැත්වෙන්නේ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54