spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අර්බුදවලට මැදි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සතුටක් ගෙන ඒමට අපිට හැකි වේවි ! – ආරොන් ෆින්ච්

මේ වනවිට ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මැදි වී සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට යම් ප්‍රීතියක් ගෙන ඒමට තම කණ්ඩායමට හැකි වනු ඇතැයි ඕස්ට්‍රේලියානු සීමිත පන්දුවාර නායක ආරොන් ෆින්ච් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වෙත අද (03) අදහස් දක්වමින් ආරොන් ෆින්ච් මේ බව සඳහන් කර තිබෙනවා.

“අපි ආවේ ක්‍රිකට් ගහන්න. ශ්‍රී ලංකාවට යම් ප්‍රීතියක්, විනෝදාස්වාදයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා, 2016 වසරෙන් පසු අප මෙහි පැමිණි පළමු අවස්ථාව මෙයයි, එය දිගු කාල පරතරයක්,”

“ශ්‍රී ලංකාව සංචාරය කිරීමට එතරම්ම විශේෂ ස්ථානයක්. ඔබට මෙහි ලැබෙන ආගන්තුක සත්කාරය, සුහදශීලි බව සහ ක්‍රීඩාවට ඔවුන් දක්වන ආදරය ඇදහිය නොහැකි තරම්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ මංගල විස්සයි විස්ස ලෝක ශූරතාව දිනා ගැනීමට නායකත්වය දුන් ෆින්ච්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දක්වා සිටියා.

“අපිට ශ්‍රී ලංකාව සමඟ සමීප තරඟ කිහිපයක් තිබුණා, ඔවුන් ඉතා භයානක කණ්ඩායමක්, ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ දෙස බැලුවොත් කුසල් මෙන්ඩිස් ඉන්නවා ඔහුගේ දවසේ දී ඔහු ඕනෑම කණ්ඩායමකට හානිකර වෙන්න පුළුවන්, ඒ වගේම තමයි වනිඳු හසරංග ඔහු අවසන් වසර දෙකේ දී විස්සයි විස්ස පිටිය තුළ ඇදහිය නොහැකි දක්ෂතා දැක්වූවා.”

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම දීර්ඝ තරග මාලාවක් සඳහා පසුගිය පළමු වනදා මෙරටට පැමිණියා.

ඒ අනුව දෙරට අතර දීර්ඝ තරග මාලාවක් ලබන 07 වනදා ඇරඹෙන අතර එහි පළමුව පැවැත්වෙන්නේ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?