රුසියාව අපට තෙල් නොදෙන කතාවේ ඇත්ත නැත්ත

රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට පළවන වාර්තා අසත්‍ය බව කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (24දා) පැවසීය.කසාන්හි තෙල් සමාගම ද ශ්‍රී ලංකාවට ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවට ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත හදිසි ලිපියක් එවා ඇති අතර මෙම ලිපිය ඇල්ලේ හිමියන් විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.

russian1

සයිබීරියානු බොරතෙල් ටොන් 90,000ක් රැගත් රුසියානු නියොන් බෙලොස් නැව කොළඹ වරාය සමීපයේ නැංගුරම්ලා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබුණි.රුසියාව මේ වනවිට ඉන්දීය තෙල් සමාගම් පහකට බොරතෙල් ලබාදී ඇති අතර රුසියානු බොරතෙල් ලබාගැනීම ගැන බලශක්ති ඇමැතිවරයා කොළඹ රුසියානු තානාපතිවරයා සමග ද කිසිදු සාකච්ඡාවක යෙදී නැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?