අභිරහස් ලෙස මිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

අනුරාධපුර, නිරාවිය තේක්ක කැලයක තිබීයදී අභිරහස් ලෙස මියගොස් සිටි 20 හැවිරිදි තරුණයකුගේ සිරුරක් හමුවී තිබෙනවා.මියගොස් ඇත්තේ, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචි තරුණයකු අතර තරුණයාගේ සිරුරේ කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා ඊයේ (23) රාත්‍රී 11.30 පමණ වනවිටත් රූපවාහිනිය නරඹමින් සිට ඇති අතර අද උදෑසන එම තරුණයා නිවස තුළ නොසිටීම හේතුවෙන් ඥාතීන් ප්‍රදේශයේ දේවස්ථානයට ගොස් සොයාබලා ඇත.එහි නොසිටි හෙයින් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබේ. ඉන් පසුව කළ සොයාබැලීමකදී අදාළ තරුණයාගේ සිරුර හමුවී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?