පිපිරීමකින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවියක් තුවාල ලබයි

පස් යට තිබූ කිසියම් දෙයක් පුපුරා යාමෙන් පාසල් සිසුවියක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.කිලිනොච්චිය – පලෙයි – කිලාලි ප්‍රදේශයේදී මෙම පිපිරිම සිදුවී තිබෙනවා.

තම මව සමඟ ඊයේ පස්වරුවේ කුලී ඉඩමක සේවයට ගිය අවස්ථාවේ එම සිසුවිය අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.තුවාල ලබා ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැරියක් බවයි පොලිසිය පැවසුවේ.