මුම්බායි කර මතින් බැංගලෝරය අයි.පී.එල් Playoff වටයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Playoff වටයට එක්වන කණ්ඩායමේ මේ වනවිට තේරී පත්ව අවසන්.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථාන හතරේ සිටින ගුජරාට් ටයිටන්ස්, රාජස්ථාන් රෝයල්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් මේ වනවිට Playoff වටය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ Playoff වටය සඳහා සුදුසුකම් ලැබූ වාසනාවන්තම කණ්ඩායම බවට පත්වන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඊයේ අවස්ථාව උදා වුණා.

ඒ ඊයේ රාත්‍රියේ පැවති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය මුම්බායි කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

මෙම තරගයේ ජයග්‍රහණය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සතුවූවා නම් Playoff වටය සඳහා පිවිසීමේ බලාපොරොත්තුව බැංගලෝරයෙන් ගිලිහී යනවා.

කෙසේ වෙතත් ඊයේ පැවති තරගය ජයගත් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයින් බැංගලෝර් කණ්ඩායමට Playoff වටයේ සිය ස්ථානය හිමිකරදීමට කටයුතු කළා.

මුම්බායි සහ දිල්ලි අතර ඊයේ පැවති මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ සහයෝගය නිල වශයෙන් බුම්බායි ක්‍රීඩකයින්ට හිමි වූ අතර එහිදී බැංගලෝර් ක්‍රීඩකයින් සියලු දෙනා සිය කණ්ඩායමට තීරණාත්මක මෙම තරගය නැරඹීමට ද එක්ව සිටියා.

මේ අතර මෙවර තරගවලියේ Playoff වටයේ තරග ලබන 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණය සැමරූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12