ජුනි මාසයේ මෙරට ඉන්ධන හිඟයක්

රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා ඒ ජුනි මාසයේ මෙරටට කිසිදු ඉන්ධන නැවක් ඇනවුම් කර නොමැති හේතුවෙන්

මෙම මස 16, 17 දිනවල ඉන්දියන් ණය යටතේ ඩීසල් නැව් දෙකක් සහ ඉන්පසු පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය.

මෙම නැව් පැමිණීමෙන් පසු ඉන්දීය ණය යටතේ මෙරටට ඉන්ධන ලබාදීම අවසන් වන බවත්, ජුනි මාසයේදී ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට තවමත් හැකියාවක් නොමැති වී ඇති බවත් එම ආරංචි මාර්ග පැවසීය. මේ වන විට මිලියන 71 ක් ගෙවා ලබා ගැනීමට තිබූ බොරතෙල් නැවක්, පෙට්‍රල් නැවක් සහ දැවිතෙල් නැවක් මෙරටට ළඟා වී දින ගණනාවක් ගත වී ඇතත් ඒවායේ ඉන්ධන ගොඩබෑමට ඩොලර් නොමැතිවීම නිසා හැකියාව නැති වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?