Indian Premier League

විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සලසන්න – තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට ලියයි

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් දන්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව ගැන වහාම මැදිහත්වී කටයුතු කරන ලෙසයි.

අදාල ලිපිය පහතින්..

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වන පිරිස් ලවා සාමකාමී විරෝධතාවලට පහරදීම සම්බන්ධවයි

අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වමින් දේශපාලනඥයන්ගේ මෙහෙයවීමෙන් අද අරලියගහ මන්දිරයට කැඳවූ පිරිසක් මීට ටික වේලාවකට පෙර අරලියගහ මන්දිරය අසල පැවැති මයිනාගෝගම සාමකාමී විරෝධතාවයට පහරදී එතැන තිබූ ටෙන්ට් සහ විරෝධතා පුවරු ඉවත් කරනු ලැබීය.

ඉන් අනතුරුව ඔවුන් මේ වන විට ගෝඨාගෝගම සාමකාමී විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයට කඩා වදිමින් සිටිති. ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයන් මැරයන් ලවා සාමකාමී විරෝධතාවලට කඩා වැදී ප්‍රචණ්ඩකාරීව හැසිරීම බරපතල තත්ත්වයක් බැවින් සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව ගැන වහාම මැදිහත්වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

ලේකම්,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22

?