රාජ්‍ය සේවයෙන් 50% ක් ඉවත් කළ යුතුයි – රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අසුබ පුවතක්

රජ්‍ය සේවයේ අධි අතිරික්තයක් ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපති රංජිත් ආරියරත්න පවසනවා.
ඔහු පවසා තිබෙන්නේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් පසුව ඔවුන්ට ලබාදෙන වැඩ ගැන සොයා බැලීම සිදුකරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උප සභාපති රංජිත් ආරියරත්න –

රාජ්‍ය සේවයේ බදවාගැනීම් කළ යුත්තේ ආයතනයේ තියෙන රැකියා ස්වභාවය අනුව.. ඒකට තමයි අපි කියන්නේ මානව සම්පත් කළමනාකාරණය. රජයට හිතුනු වෙලාවට උපාධිධාරින් පිරිසක් උද්ඝෝෂනය කළොත් ඔවුන්ට රැකියා දෙනවා.
රාජ්‍ය සේවකයන් බදවාගෙන තමයි ඒ අයව කොහෙටද දාන්නේ කියලා තීරණය කරන්නේ..
මේක අවාසනාවන්ත සිද්ධියක්.

මිලියන 1.5 ක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා.. මම හිතනවා අවම වශයෙන් තුනෙන් එකකින් මේ වැඩ කරගන්න පුළුවන්. අවම වශයෙන් 50%කින් කරන්න පුළුවන්.. ග්‍රාම නිලධාරී කරගෙන ආපු වැඩේ කරන්න තුන් හතර දෙනෙක් පත් කරලා තියෙනවා. මේ අයට කීයක්හරි දීලා ගෙදර ඉන්න කිව්වනම් හොඳයි.. නැත්නම් මේ අයට විශ්‍රාම වැටුපක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය අඩු කළ යුතුයි..සේවයට එන වෙලාවේ ලැබුණු පුහුණුව හැර අවුරුදු 22 කින් පුහුණුව ලබපු නැති නිලධාරීන් ඉන්නවා. කෙහොමද ඉතිං රාජ්‍ය සේවය අරන් යන්නේ. මේක නරක තත්ත්වයක්. නිලධාරීන්ගේ සංඛ්‍යාව වහාම අඩුකළ යුතු වෙනවා. මේක අත්‍යවශ්‍යයි.

  1. අතිරික්ත රාජ්‍ය සේවකයින් විදෙස් ගත රැකියා සදහා වහාම යොමු කරන්න…රාජ්‍ය සේවකයින්ට හිමි වරප්‍රසාද සහිතව….අවම ලෙස අවුරුදු 05කටවත්…

  2. පරිපාලන සේවයේ අය තමයි ජනාධිපති ලේකම් ඉදල රජයේ සියලුම මෙහෙයුම්ක හා ලමනාකරන කටයුතු වල තීන්දු තීරන වල හිටපු අය, මේ තත්වෙ එන්ඩ කලින් වලක්වා ගන්ඩ කටයුතු කරන්ඩ ඕනෙ ඒ අය, දැං දේශපාලකයටම වැරද්ද තල්ලුකරල අත හොදගන්ඩ බලනව. තමන්ගෙ වරප්‍රසාද වලට බලපෑම්කරල ඒව හදාත්ත වගේ මේ දේවල් නිවැරදි කරන්ඩත් බලපෑම් කරන්ඩ තිබුනනෙ. මේ කතා ගොං පාට් හරියට පඩේ ගියාට පස්සෙ පුක අතගගා ඉන්නව වගේ වැඩක්. තාමත් කුහකයො නොවී,
    බදවගත්ත නිලධාරීන් ඉවත් කරන්ඩ කලින් 60 න් විශ්‍රාම යන්ඩ, විශ්‍රාමිකයන්ගෙනුත් ඵලදායි වැඩගන්ඩ (ටැක්සි ඩ්‍රයිවින්, කෘෂි කටයුතු, වගේ) දිරිමත් කරන්ඩ, ඉන්න සේවකයන් ඔවුන්ට බලපෑමක් නොවන ලෙස විදේශ රැකියා අාදියට යාමට දිරිමත් කරන්න. එක් සේවයක අබෑර්තු අනෙක් අතිරික්ත සේවාවෙන් සපුරා ගැනීමට සමාන සුදුසුකම් වලින් බදවාගත් සේවාවන් (සමෘර්ධි-ග්‍රාම නිලධාරි, කෘෂි උපදේශක-සත්ව සංවර්ධන නිලධාරී) රැකියා ඒකාබද්ධ කරන්න. පලාත් සභා මධ්‍යම රජයේ සේවා ව්‍යුහ දීප ව්‍යාප්ත කරන්ඩ.

  3. විය යුත්තක්.පිනට පඩි ගන්න දහස් ගානක් ඉන්නවා.ඒකයි රාජ්‍ය අංශයම පාඩු ලබන්නේ.අපි දුක් විදින්න ඕන ජාතියක් නෙවේ.චන්ද බලාන කරපු කාලකන්නි මෝඩ වැඩ නිසා තමා අපි මේ නොමැරී මැරෙන්නේ.

  4. අනිවාර්යෙන් වියයුත්තක්. අමතර බඳවා ගැනීම නිසා සිද්ධ වුනේ වැඩ කරන නිලධාැීන්ට වැඩ වැඩි වුනඑක විතරයි. බහුතරය නිකන් ඉඳලා පඩ් ගන්නෙ

  5. ඒක ඇත්ත.. රාජ්‍ය සේවය වැඩියි… ප්‍රධාන හේතුව වයස්ගත සීයලා ටික අවුරුදු 65 -70 වෙනකන් ගොට්ට අල්ල අල්ල , පෙන්ෂන් යන්නැතුව ආයතන අරක්ගෙන ඉන්න එක.. බොහෝ විට ඔය පරම්පරාව හොරකම, දුෂණය, ගේට්ටුව ඇල්ලීමෙන් කෙල්ල පැමිණුන අය… දේශපාලුවොන්ටත් වඩා රටේ පරිහානියට වග කියන්න ඕන… වයස 60න් අනිවාර්යයෙන්ම විශ්‍රාම යැවිය යුතුයි…ඒ විතරක් නෙමේ , ඔවුන්ගේ අයුතූ දේපල , වත්කම් , වැරදි තීරණ ඇත්නම් ඔවුන්ට නීතීමය ක්‍රියාමාර්ග ගෙන , සිරගත කල යූතූයි… එදාට රාජ්‍ය සේවයට විතරක් නෙමේ රටටම හරියයි.. හැබයි එකක් ෂුවර් , හරියට හෙව්වොත් මේ වයස්ගත ප්‍රධානීන් 99.99% හිරේ ….

  6. ඕක ගන්න කලින් හිතන්න මොළයක් තිබ්බෙ නැද්ද ?කර කර හිටිය රස්සාව ආපහු හම්බවෙනවද අයින් කරපුවාම ?රාජ්‍ය සේවකයන්ට රට යන්න පහසුකම් සපයන්න පෙත්තප්පු

  7. පරිපාලන සේවයේම කොයි ත්‍රම් ඉන්නවද නිකන් පඩි ගන්න අය .තෙල් ගහන්න මුදල් දෙනව වාහන කුලිය වෙනම දෙනව ඒවත් අරන් රජ්‍යෙ වාහන වලම පිනට යනව.දුරකතන දීමනා පරිපාලන දිමනා .වාහන පර්මිට් කොයි තරම් අනවශ්‍ය විය්දම්ද ඒ අයට ඒවත් අයින් කලා නම් ලොකු මුදලක් ඉතිරි කර ගන්න පුලුවන්.

  8. රාජ්‍ය සෙවයේ අතිරික්තයක් නැහැ. ස්‍ථානගත කිරීමේ දුර්වල තා නිසා එහෙම අතිරික්තයක් පේනව.රාජ්‍ය වියදම කපාහැරීමේ පහසු මගක් විදියට රංජිත්ල බයිල කියනව. කොහොමද අතිරික්තයක් නම් තැපෙලෙ කොහොමද තැපැල් නිලධාරිනම 2000 කට ආසන්න පිරිසක් පුරප්පාඩු උනේ. දේශපලන උවමනාවනට රාජ්‍ය සේවය බිලිදෙන්න එපා. අකාරයක්ෂමතාවක් තියෙනව. ඒක ඔතනින ව්සදන්න බැහැ. ර‍ංජිත් පවා අකාර්යක්ෂම නිලධාරියෙක්.

  9. පරිපාලන නිලදාරීන්ට දෙන වාහන පෙර්මිට් අහෝසි කලයුතුයි. රුපියල් ලක්ෂට වඩා වැටුප් ලබන නිලධාරීන් ගෙන් 5%ක්‌ රජයට බදු ගත යුතුයි… තාව සන්ච්තයේ ඉදන් පින් පඩි ගන්න එක නටර කල යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42