ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන වයස අවුරුදු 40ක් වු ලාංකික ඉංජිනේරුවරියක් ඔස්ට්‍රේලියාවේදී මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම කාන්තාව මියයන විට ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි පදිංචිව සිටී අතර මෙම කාන්තාවගේ සැමියාද එරට ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ නිරතව සිටී. එරට මුහුදු වෙරළක විනෝද චාරිකාවකට තම යහළුවන් හා ඇගේ සැමියා සමඟ එක්වූ අවස්ථාවේදී රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇය මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරුව ඇය බේරාගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගිය කාන්තාවගේ දේහය සිඩ්නි නුවර රෝහලක මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




