උද්ඝෝෂකයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ නිවසත් ඊයේ දිනයේ දී වැටලීමට උත්සාහ කර තිබෙනවා.
වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුණු පිරිසක් ඊයේ (24) සවස ඒ සඳහා උත්සාහ දරා ඇති අතර පොලීසිය මැදිහත්වී එය වැළැක්වූ බවය.
ඒ මොහොත වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි බවත් පොලීසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා තිබූ බවත් වාර්තා විය.
විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කර තිබුණි.
නමුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ සිටි පිරිසක්ද පොලු රැගෙන ඉදිරියට පැමිණ ඇති අතර පසුව විරෝධතාකරුවන් ඔහුගේ නිවාස ඉදිරිපිට පැයක පමණ කාලයක් විරෝධතා පාඨ කියමින් සිට පසුව විසිර ගොස් තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3















