අගමැතිකම හරි දෙන්න.. සුපිරි මන්දිර එපා, අපි තීන්දු අරන් ආපහු තනතුරු දෙන්නම් – උද්දික ප්‍රේමරත්න

ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තීන්දු අරගෙන ඒ තනතුරු නැවත දෙන්නම් යැයි ද අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පසුපෙළ මන්ත්‍රීවරුන් රස්තියාදු ගහමින් සිටින අතර ඔවුන්ගෙන් කිසිදු වැඩක් ගන්නේ නැති බවයි සිය කතාවේදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

“පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීදෙනෙක් රස්තියාදු ගගහ ඉන්නව ද?ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන පළමු වරද එයයි. මේ රටේ ප්‍රශ්න ගොඩගැහිලා තිබෙන්නේ.හරිනම් මේ වගේ වෙලාවක දිගටම වැඩ කරලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන.මෙතන විසඳුම් නැතිනම් විසඳුම තියෙන්නෙ කොතනද?

ජ්‍යෙෂ්ඨයන්ට තීරණ ගන්න බැරි නම් අපිට දෙන්න .අපි ගන්නම්. ජ්‍යෙෂ්ඨ තනතුරු, අගමැතිකම හරි කමක් නෑ. අපි තීන්දු අරගෙන ආපහු ඒ තනතුරු දෙන්නම් අපිට ආසන ඕනත් නැහැ. අපි මහ පොළොවේ වාඩිවෙලා හරි තීරණ ගන්නම්. මේ වෙලාවෙ වත් අඩියක් පස්සට ගන්න. ප්‍රතිරූප වලින් එළියට එන්නැයි අප ජේෂ්ඨයන් ගෙන් ඉල්ලනවා.” මන්ත්‍රීවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?