අගමැතිකම හරි දෙන්න.. සුපිරි මන්දිර එපා, අපි තීන්දු අරන් ආපහු තනතුරු දෙන්නම් – උද්දික ප්‍රේමරත්න

ජ්‍යෙෂ්ඨයන්ට තීන්දු තීරණ ගන්න බැරිනම් පසුපෙළ මන්ත්‍රීවරුන්ට එම තනතුරු දෙන්නැයි ද අගමැතිකම හරි කමක් නැතැයි ද තීන්දු අරගෙන ඒ තනතුරු නැවත දෙන්නම් යැයි ද අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

පසුපෙළ මන්ත්‍රීවරුන් රස්තියාදු ගහමින් සිටින අතර ඔවුන්ගෙන් කිසිදු වැඩක් ගන්නේ නැති බවයි සිය කතාවේදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

“පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීදෙනෙක් රස්තියාදු ගගහ ඉන්නව ද?ඔවුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන පළමු වරද එයයි. මේ රටේ ප්‍රශ්න ගොඩගැහිලා තිබෙන්නේ.හරිනම් මේ වගේ වෙලාවක දිගටම වැඩ කරලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕන.මෙතන විසඳුම් නැතිනම් විසඳුම තියෙන්නෙ කොතනද?

ජ්‍යෙෂ්ඨයන්ට තීරණ ගන්න බැරි නම් අපිට දෙන්න .අපි ගන්නම්. ජ්‍යෙෂ්ඨ තනතුරු, අගමැතිකම හරි කමක් නෑ. අපි තීන්දු අරගෙන ආපහු ඒ තනතුරු දෙන්නම් අපිට ආසන ඕනත් නැහැ. අපි මහ පොළොවේ වාඩිවෙලා හරි තීරණ ගන්නම්. මේ වෙලාවෙ වත් අඩියක් පස්සට ගන්න. ප්‍රතිරූප වලින් එළියට එන්නැයි අප ජේෂ්ඨයන් ගෙන් ඉල්ලනවා.” මන්ත්‍රීවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18