රටම බලා සිටින ගෑස් එන දිනය ගැන ලිට්රෝ සමාගම කියයි

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. ලබන 26 සහ 28 යන දිනවලදී අදාළ නෞකා දිවයිනට ළඟා වීමට නියමිත බවයි එම සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

කඩිනමින් එම ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පැවසූ එම ප්‍රකාශකයා, එම ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 06ක කාලයක් සඳහා පමණක් බවයි කියා සිටියේ.

කෙසේ වෙතත් ඩොලර් ලබා දෙන්නේ නම් දින 03කට වරක් ගෑස් නෞකා මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගත හැකි බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?