AFC Banner
Empty Ad
Empty Ad

ගිනියාවේ හමුදාවෙන් චීනයට සද්දයක්

ගිනියාවේ හමුදා ආණ්ඩුව විසින් එරට තුළ පතල් කර්මාන්තයේ නිරත චීන සහ වෙනත් රටවල සමාගම් ගෙවිය යුතු ගාස්තු වැඩි කළ යුතු බවට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

ගිනියාවේ නව රජය බොක්සයිට් සහ යපස් සම්පත්වලින් ආදායම් වැඩිකර ගැනීමට දරන මෙම උත්සහය හේතුවෙන් බටහිර අප්‍රිකාවේ සිය බලය ව්‍යාප්ත කිරීමේ චීනය සැලැස්ම අවධානමට ලක්ව ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.

පසුගිය වසරේ සැප්තැම්බරයේ කුමන්ත්‍රණයකින් ඇල්ෆා කොන්ඩේ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු බලයට පත් ගිනියාවේ හමුදා ආණ්ඩුව පවතින රෙගුලාසි, කොන්ත්‍රාත්තු සහ ආයෝජනවලට ගරු කරන බවට සහතික වුවද, ගිනියාව විදේශීය පතල් සමාගම් කෙරෙහි මෙළෙස වැඩි පීඩනයක් යොදමින් සිටින බව පැවසේ.

මෙහිදී ඇතිවූ ගැටලු හේතුවෙන් මේ වනවිට ගිනියාව දේශීය බොක්සයිට් පිරිපහදු ඉදිකිරීමට විදේශීය සමාගම්වලට නියෝග කර ඇති අතර මාර්තු මාසයේදී රටේ විශාලතම යපස් නිධිය වන Simandou හි මෙහෙයුම් අත්හිටුවීම ද සිදුකර තිබේ.

ලොව විශාලතම නොදියුණු යපස් තැන්පතුවලින් එකක් වන Simandou , චීනය විසින් ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන යපස් සැපයුම් අඩුවීමට විකල්පයක් ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇති බව පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?