ගිනියාවේ හමුදාවෙන් චීනයට සද්දයක්

ගිනියාවේ හමුදා ආණ්ඩුව විසින් එරට තුළ පතල් කර්මාන්තයේ නිරත චීන සහ වෙනත් රටවල සමාගම් ගෙවිය යුතු ගාස්තු වැඩි කළ යුතු බවට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

ගිනියාවේ නව රජය බොක්සයිට් සහ යපස් සම්පත්වලින් ආදායම් වැඩිකර ගැනීමට දරන මෙම උත්සහය හේතුවෙන් බටහිර අප්‍රිකාවේ සිය බලය ව්‍යාප්ත කිරීමේ චීනය සැලැස්ම අවධානමට ලක්ව ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පවසති.

පසුගිය වසරේ සැප්තැම්බරයේ කුමන්ත්‍රණයකින් ඇල්ෆා කොන්ඩේ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු බලයට පත් ගිනියාවේ හමුදා ආණ්ඩුව පවතින රෙගුලාසි, කොන්ත්‍රාත්තු සහ ආයෝජනවලට ගරු කරන බවට සහතික වුවද, ගිනියාව විදේශීය පතල් සමාගම් කෙරෙහි මෙළෙස වැඩි පීඩනයක් යොදමින් සිටින බව පැවසේ.

මෙහිදී ඇතිවූ ගැටලු හේතුවෙන් මේ වනවිට ගිනියාව දේශීය බොක්සයිට් පිරිපහදු ඉදිකිරීමට විදේශීය සමාගම්වලට නියෝග කර ඇති අතර මාර්තු මාසයේදී රටේ විශාලතම යපස් නිධිය වන Simandou හි මෙහෙයුම් අත්හිටුවීම ද සිදුකර තිබේ.

ලොව විශාලතම නොදියුණු යපස් තැන්පතුවලින් එකක් වන Simandou , චීනය විසින් ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන යපස් සැපයුම් අඩුවීමට විකල්පයක් ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇති බව පැවසේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18