තාත්තා තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ – මුදල් ආධාර එපා, සාධාරණයක් අවශ්‍යයි

තම පියා වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බව රඹුක්කන ප්‍රදේශයේදී සිදුවූ සිදුවීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් ගේ දියණිය මාධ්‍යයට ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය වෙත මුල්වරට අදහස් දක්වමින් එම පුද්ගලයාගේ දියණිය ප්‍රකාශ කළේ තමන්ට මුදල් ආධාර අවශ්‍ය නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් පමණක් අවශ්‍ය බවයි.

ඊයේ රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කළ වෙඩි තැබීමකදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කේ.ඩී ලක්ෂාන් නැමති 42 හැවිරිදි වියේ පසුවූ මෙම දියණියගේ පියා ජීවිතක්ෂයට පත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දියණිය.

“තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දී තමා වෙඩි තියලා තියෙන්නේ. තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. මට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ. මම හැමතිස්සෙම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නේ කියලා. පස්සේ මම කෝල් ගත්තා ඒත් ඉස්සුවේ නෑ. පස්සේ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැනගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නෑ. මොකද තාත්තා යන්නේ නෑ. නිකන් නිස්කාරණේ මගේ තාත්තව නැති කළේ. මට මේකට සාධාරණයක් ඕනේ. මගේ තාත්තගේ ජීවිතය නැතිකළා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?