තාත්තා තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ – මුදල් ආධාර එපා, සාධාරණයක් අවශ්‍යයි

තම පියා වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බව රඹුක්කන ප්‍රදේශයේදී සිදුවූ සිදුවීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් ගේ දියණිය මාධ්‍යයට ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය වෙත මුල්වරට අදහස් දක්වමින් එම පුද්ගලයාගේ දියණිය ප්‍රකාශ කළේ තමන්ට මුදල් ආධාර අවශ්‍ය නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් පමණක් අවශ්‍ය බවයි.

ඊයේ රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කළ වෙඩි තැබීමකදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කේ.ඩී ලක්ෂාන් නැමති 42 හැවිරිදි වියේ පසුවූ මෙම දියණියගේ පියා ජීවිතක්ෂයට පත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ දියණිය.

“තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දී තමා වෙඩි තියලා තියෙන්නේ. තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. මට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ. මම හැමතිස්සෙම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නේ කියලා. පස්සේ මම කෝල් ගත්තා ඒත් ඉස්සුවේ නෑ. පස්සේ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැනගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නෑ. මොකද තාත්තා යන්නේ නෑ. නිකන් නිස්කාරණේ මගේ තාත්තව නැති කළේ. මට මේකට සාධාරණයක් ඕනේ. මගේ තාත්තගේ ජීවිතය නැතිකළා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25