AFC Banner
Empty Ad
Empty Ad

රටේ තත්වය නිසා ක්‍රිකට් පිටියටත් බාධා…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා පවසා ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන දිනයේදී අදාළ සාකච්ඡාව සිදුකිරීමට නියමිත බවය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ අර්බුදකාරී වාතාවරණය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණි.

ආසියානු කුසාලන 20යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දැනට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?