AFC Banner
Empty Ad
Empty Ad

රටේ පාලකයින්ට පෙර ලෝක බැංකු නියෝජිතයා සාකච්ජා පැවැත්වූ මෙරට දේශපාලඥයා

රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා (10) ලෝක බැංකුවේ මෙරට නියෝජිතයා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා පලවී තිබෙනවා.

එම සාකච්ඡාවලදී මෙරට වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම රට තුළ පවතින විරෝධතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවද එම වාර්තා මගින් දැක්වෙන්නේ.

රජයේ නිලධාරීන් ලෝක බැංකු නිලධාරීන් සමඟ සාකච්ජා පැවැත්වීමට පෙර මෙම හමුව සිදුව ඇති බවද වාර්තා පලවනවා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි වාර්තා වන්නේ.

මේ වසරේ ජනවාරි මාසයේදී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ජා පැවැත්වූ බව හිටපු අගමැතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී හෙළි කළේ.

ලෝක බැංකුවේ මාලදිවයින්, නේපාල හා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ෆරීස් හසාඩ් සරෝස් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?