AFC Banner
Empty Ad
Empty Ad

ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා – රෝහණ වීරසිංහයන් අරගල භූමියට

ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණ අරගලයට සහාය දක්වා තිබේ. ඔහු මෙහිදි ප්‍රකාශ කළේ නිහඬව සිටීමෙන් කිසිවක් කළ නොහැකි බවයි.

ඊයේ දිනයේදී ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පැවැසුවේ රාජපක්ෂවරුන්ට සහාය දැක්වීම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බවයි.

“නිහිඬව සිටීමෙන් අපිට මේ වෙලාවේ කළ හැකි දෙයක් නෑ.අපේ යුතුකම මෙතනට සජීවිව සහභාගීවී ආශිර්වාද කිරීමත් ධෛර්යය දිමත් කියලා හරියටම අවබෝධකරගෙන මම මේ ප්‍රකාශ කරන්නේ. ඔබේ සටන ජයග්‍රහණය කරා යන්නට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා. මේ පිළිකුල් සහගත පවුලේ සිටින සියලු දෙනාට මේක තේරෙන්නේ නෑ තවමත්.

නුදුරු දිනයකදීවත් මේ කියන්නේ මොකක්ද කියලා ඔවුන්ට වැටවේවා. තේරුම ගනිත්වා. අපිට රට නිදහසේ ගෙනියන්න භාර දෙන්න කියලා මම ඔවුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?