පවතින තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා රුපියල් 2500ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සහායක සේවා ඇතුළුව ඊයේ දින සේවයේ නියුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඊට පහළ සියළුම නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක සහයක නිලධාරීන්ට ද මෙම ත්‍යාග මුදල හිමි වනු ඇත.
කෙසේ වෙතත්, පොලිස් විද්‍යාලවල පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන්, පුහුණුව අවසන්ව පිටව ගොස් ඊයේ දිනට මාස 6ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පොලිස් නිලධාරීන්ට මෙන්ම වැඩ තහනමට ලක්වූ අයට මෙම දීමනාව හිමි නොවන බවයි පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.














මේ පොලිසියේ එවුන් ඔය සල්ලි අරන් ඇවිල්ලා.මොනවද ගන්න පුලුවන් කියලා කඩේකට ගිහින් බලපන්.උපරිම හාල් කිලෝ 5යි.පරිප්පු කිලෝ 2යි.සීනි කිලෝ 2 1/2යි ගන්න පුලුවන් වෙයි.ඊට පස්සෙ පැත්තක්ට වෙලා හිතපන්.අර අරගලකරන එවුන් කියන දේ හරි නේද කියලා.ඊට පස්සෙ උබල ඔය හාලුයි පරිප්පුයි, සීනියි එකට දාලා බත් එකක් හදලා ඒක අරන් නෑ ගම් පයින් පලයන්.යනකොට පෙට්ට්‍රල්, ඩීසල් නෑ වගේ දැක්කොත් අර අරගලෙයේ කෑ ගහන එවුන් කිව්ව දේවල් මතක් කර ගනින්.”එක පවුලක් රට කෑවා” නෑ ගම් ගිහින් අර හදාගත්ත පරිප්පු, සීනි,හාල් දා අම්මට,තාත්තට කවපන්.කවලා අහපන් බෙහෙත් එහෙම එහෙම තිය්නවද?? ගෑස් තියයෙනවද??කියලා බෙහෙත් නෑ ගන්න කිවොත් අරගලයේ කෑ ගහන මිනිස්සු මතක් කරගනින්.උබලගේ පවුලේ උබලට දැනුන දෙයක් වුන දවසට අරගලයට එකතුවෙයන්.