බොරුවට ප්‍රශ්නයක් නෑ කියලා ජනතාව මුලා කරන්න අපිට බෑ – මුදල් ඇමති අලී සබ්රි කියයි

ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අවධානය යොමුකර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

“IMF සාකච්ඡාව සඳහා අපි බලාපොරොත්තු වෙනවා 18 – 23 වෙන කල්. අපිට සාකච්ඡා රාශියක් තියෙනවා. IMF ආයතනය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ද්විපාර්ශික සාකච්ඡා තියෙනවා රටවල්වල මුදල් අමාත්‍යවරු හා නියෝජිතයින් සමග.”

“අපි ඔවුන්ගෙන් ඉල්ලලා තියෙනවා ආධාර රාශියක්. වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන සතිය වෙනකොට අපි ඉල්ලුවා. ඔවුන් එකඟවෙලත් තියෙනවා ඩොලර් මිලියන 10ක හදිසි ආධාරයක් හැටියට වහාම අත්‍යාවශ්‍ය බෙහෙත් ටික දෙන්න. මේක ප්‍රමාණවත් නෑ. නමුත් මේ වෙලාවේ හැටියට විශාල ප්‍රමාණයක්. ඒ වගේම අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාර ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගොවියාට තියෙන ප්‍රශ්න අඩුකර ගැනීම සඳහා රසායනික පොහොර ටික ලබාදෙන්න. වී බීජ ලබාදෙන්න. ඒ වගේම දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාවට මාසිකව යම් කාලයකට යම් මුදලක් ලබාදීමට හැකියාවක් තියෙනවා ද බලන්න. ඒ එක්කම ගෑස් ප්‍රශ්නයට අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තුරු යම් දෙයක් කරන්න පුළුවන් ද බලන්න.”

මෙහිදී ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් පළකර සිටියා,

“බොරුවට ප්‍රශ්නයක් නෑ කියලා ජනතාව මුලා කරන්න අපිට බෑ. මේ වෙලාව වෙනකොට අපිට ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන් ද කියලා බලනවා. අපි ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සාර්ථක වුණොත් ණය ගෙවීමට මුදල් යොදවන්න අවශ්‍ය නෑ. ඒ මුදල් අත්‍යාවශ්‍ය සේවා ආනයනය කරගැනීමට යොදවා ගන්න හැකියාව තියෙනවා ද කියලා, රැඩිකල් තීන්දු තීරණ රැසක් ගන්න සිද්ධවෙනවා ඉතිහාසයේ ඔබ අප කවුරුත් නොදැක්ක දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්නම් අපිට මේ ආගාධයක ගමන්කරමින් සිටින්නේ. ඉතාමත්ම ආසන්නයි මේ වෙලාවේ නැංගුරම දාලා උඩට ගත්තේ නැත්නම් රට විනාශ වෙන්න පුළුවන්. ආර්ථිකයට දීර්ඝ කාලීන හානි සිදුවීම වළක්වන්න, රටේ වැදගත් මරමස්ථාන ටික, බැංකු පද්ධතිය ආරක්ෂා කරන්න වැදගත් තීන්දු තීරණ ගන්න සිදුවෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04