AFC Banner
Empty Ad
Empty Ad

ණය ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි

බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලික කාලයක් සඳහා ගෙවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා,

මුදල් අමාත්‍යාංශය පැවසුවේ, එම බැඳීම් ක්‍රමානුකූලව සහ එකඟතාවයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන අපේක්ෂාවෙන් එලෙස ගෙවීම් අත්හිටුවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුග්‍රහය ඇති ආර්ථික ගැලපුම් වැඩපිළිවෙලකට අනුකූල වන පරිදි ක්‍රමවත් සහ එකඟතාවන්ට අනුකූල අයුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වේ.

කෙසේ වෙතත්, එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?