ගාලු මුවදොර විරෝධතා භුමිය ගැන පළවූ ජායාරූපයේ ඇත්ත නැත්ත හෙළිවෙයි

පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා.

මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍ය භාවය ගැන Fact Crescendo විසින් විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ අදාල ඡායාරූපයේ දැක්වෙන අයුරින් උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු දැක්වෙන ජායාරූප ඇතුලත් ෆේස්බුක් පිටුව හරහා පළ වූ සටහනේ දැක්වෙන ඡායාරූපය හැර ගෝල්ෆේස් ග්‍රීන්හි මේ වන විටත් සිදු වන විරෝධතා බිමෙහි ඡායාරූප අතර දක්නට නොලැබුණු බවයි. එමෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා මෙම විරෝධතාවය පිළිබඳ වාර්තා කරණයේදී හෝ මෙවන් ඡායාරූපයක් දක්නට නොලැබුණු බවයි Fact Crescendo සඳහන් කර සිටින්නේ.

ඒ අනුව Fact Crescendo විසින් එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබු අතර එහිදී දැක්වෙන්නේ, 2021 වසරේ සැප්තැම්බර් මසදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ Tumkurහි ජාතික මහාමාර්ගය පුරා කිලෝමීටර් ගණනක් උපත් පාලන කොපු වැටී ඇති අයුරුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19