රාජ්‍ය සේවකයින් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක

ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වෙයි.

එම වෘත්තීය සමිති කොළඹ දී අද පස්වරුවේ විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු උදේනි දිසානායක මහතා ප්‍රකාශ කළේ විවිධ කාර්යයන් සදහා අද දිනයේ රජයේ කාර්යාල වෙත පැමිණියහොත් මහජනතාව දුෂ්කරතාවට පත්විය හැකි බවය.

මේ අතර උත්සව සමයේදී මහජනතාව විවිධ අවශ්‍යතාවයන් සඳහා කොළඹ නගරයට විශාල වශයෙන් පැමිණෙ බැවින් එලෙස පැමිණෙන ජනතාව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ විශේෂයෙන් ගාලු මුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල තදබදයක් ඇතිවන බව නිරීක්ෂණය වූ බවය.

ඒ හේතුවෙන් අද (08) පස්වරුවේ එම ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් රථවාහනවලින් ගමන්ගන්නා පුද්ගලයින් එම ප්‍රදේශ වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව මහජනතාවට දැනුම්දෙන බවද ‌අදාළ නිවේදනයේ දැක්වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?