AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතා හේතුවෙන් අරලියගහ මන්දිරය අසල උණුසුම් තත්ත්වයක්

අරලියගහ මන්දිරය අසල අද රාත්‍රියේ පැවති විරෝධතාවක් උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමත් සමඟයි.

එහිදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් විරෝධතාකරුවන්ට මාර්ග බාධකයන් බිඳගෙන ඉදිරියට යෑම වැළැක්වීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවන් ද සිදුවූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?