”ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බැරිකමක් නෑ” – හිටපු මැ.කො.

ජනාධිපතිවරයා කැමති නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ, 1953 වර්ෂයේ ඇති වූ හර්තාලයෙන් වසර 69 කට පමණ පසු දකුණේ ඇති වූ විශාල ම ජනතා විරෝධය මේ වන විට සිදු වෙමින් පවතින බව ය.

යම් හෙයකින් ජනතාවගෙන් එල්ල වන මෙම පීඩනය හමුවේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වුවහොත් ඉන්පසු සිදු වන්නේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම බව ඔහු පැවසීය.

එලෙස වැඩබැලීම සඳහා අනුප්‍රාප්තිකයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කර ගනු ලබන තෙක් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, දෙවරක් ජනාධිපති ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකි ද? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එසේ අග්‍රාමාත්‍යවරයාට යළි ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා ඊළඟට බලය හිමිවන්නේ කතානායකවරයාට බව ය.

තව ද, අන්තර් කාලීන පාලනයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් පැවතිය ද එවන් පාලනයක් ඇති වුවහොත් විවිධ ප්‍රශ්න මතු විය හැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

පවතින අර්බුදය සම්පූර්ණයෙන් නිම කර ගැනීමට පෙර ඉදිරි මාස 3 ත් 6 ත් අතර කාලය සඳහා වන වැඩපිළිවෙළක් සකසා කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු එහිදී වැඩිදුරට ත් අවධාරණය කළේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11