AFC Banner
Empty Ad
Empty Ad

”ජනාධිපතිට ඉල්ලා අස්වෙන්න බැරිකමක් නෑ” – හිටපු මැ.කො.

ජනාධිපතිවරයා කැමති නම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක පැවති සංවාදයකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ, 1953 වර්ෂයේ ඇති වූ හර්තාලයෙන් වසර 69 කට පමණ පසු දකුණේ ඇති වූ විශාල ම ජනතා විරෝධය මේ වන විට සිදු වෙමින් පවතින බව ය.

යම් හෙයකින් ජනතාවගෙන් එල්ල වන මෙම පීඩනය හමුවේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වුවහොත් ඉන්පසු සිදු වන්නේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම බව ඔහු පැවසීය.

එලෙස වැඩබැලීම සඳහා අනුප්‍රාප්තිකයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කර ගනු ලබන තෙක් අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධූරයේ වැඩ බැලීමට හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, දෙවරක් ජනාධිපති ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකි ද? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එසේ අග්‍රාමාත්‍යවරයාට යළි ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා ඊළඟට බලය හිමිවන්නේ කතානායකවරයාට බව ය.

තව ද, අන්තර් කාලීන පාලනයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් පැවතිය ද එවන් පාලනයක් ඇති වුවහොත් විවිධ ප්‍රශ්න මතු විය හැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

පවතින අර්බුදය සම්පූර්ණයෙන් නිම කර ගැනීමට පෙර ඉදිරි මාස 3 ත් 6 ත් අතර කාලය සඳහා වන වැඩපිළිවෙළක් සකසා කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු එහිදී වැඩිදුරට ත් අවධාරණය කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?