රටේ වත්මන් අර්බුදය ගැන සාධනීය අදහස් සහ විසඳුම් ඉදිරිපත්වීම විරලයි – කථානායක

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින වාද විවාදයන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඊට අදාළ සාධනීය අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම ගැන කණගාටුවට පත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර සිටිනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ ගැන අදහස් ප්‍රකාශ කර සිටියා.

එහිදී කථානායකවරයා සිදුකළ ප්‍රකාශය පහතින්…

” සභාව එකඟ වූ පරිදි ඊයේ දින වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ, විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට මම ස්තූතිවන්ත වෙමි. එහෙත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුවට කාරණයකි.

විවාදය ආරම්භ කිරීමට න්‍යාය පාත්‍රානුකූලව කටයුතු කිරීමේදී ඊට බාධා කිරීමත්, සභාව දෙවරක් අත්හිටුවීමට සිදු වීමත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක සිදු නොවිය යුතු දේවල් හැටියට මම දකිමි.

මාධ්‍ය තුළින් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණද දයාසිරි ජයසේකර මැතිතුමාත්, ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්‍රිතුමාත් ඉදිරිපත් කළ අදහස ඉතාමත් වැදගත්. ඒ වගේම සභාවේ අවධානය යොමුකළ යුතු කාරණා බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

එහිදී එතුමා අවධාරණය කළේ අප සියලු දෙනාම පක්ෂ පාට භේදයකින් තොරව දේශපාලන අරමුණු පසෙකලා මේ අර්බුදය ජය ගැනීමට පොදු වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවයි.

ඒ වගේම සියලුම මන්ත්‍රීවරුන් ඊයේ මේ අවස්ථාවේදී සභාව තුළ වෙනදා පුරුදු පරිදි දේශපාලන අර්බුද මතු කර ගෙන කටයුතු කිරීම කණගාටුවට කාරණයක් බව නැවත වරක් මතක් කරමින් අද දින විවාදයේ දී සියලු දෙනා මෙම කරුණු මතක තබා ගෙන විවාදය අවසානයේ අප සියලු දෙනාටම එකඟ විය හැකි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිවන ආකාරයට කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04