AFC Banner
Empty Ad
Empty Ad

හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

හෙට (03) දිනයේ පැය 06කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 08.30 සිට රාත්‍රි 12.00 දක්වා පැය 06යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

P Q R S T U V W යන කලාප සඳහා පෙරවරු 10.00 සිට පස්වරු 04 දක්වා පැය 02යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 04.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය 04ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව හෙට දිනයේ A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 2යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 11.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?