සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් ගැටලුවක් : අතිකාල දීමනා ගෙවීම් නතර කරයි

පසුගිය මාසයේ දී සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවනු ලබන වැටුප් ලබා දීමේදී රෝහල් රැසක සෞඛ්‍ය සේවකයන් සඳහා අතිකාල සහ වෙනත් දීමනා හැර මූලික වැටූප පමණක් ගෙවීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

මේ සමගම මේ වනවිට මහනුවර රෝහල ඇතුළු රෝහල් සේවකයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතීන බවද සඳහන්

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා ලබාදෙනු ලබන ප්‍රතිපාදන සීමා කිරීමත් සමඟ බොහෝ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් සඳහා අත්‍යවශ්‍ය වැටුප් පමණක් ගෙවීමට කටයුතු කර ඇති අතර අතිකාල වැටුප් මෙන්ම පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් සඳහා අතිකාල දීමනා ලබාදීම සීමා කිරීමටද එම රෝහල්වල අධ්‍යක්ෂකවරුන් කටයුතු කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ නමුත් මේ අන්දමට රෝහල් අධ්‍යක්ෂකවරුන් විසින් අතිකාල ගෙවීම සීමා කිරීමටටත්, රෝහල් අධ්‍යක්ෂකවරුන් මුදල් අරපරෙස්සමෙන් භාවිතා කිරීමට සිදු කර ඇති පියවරත් රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ අත්තනෝමතික තීරණයක් නොවන බව මේ සම්බන්ධව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය කාලසීමාවේදී වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියද එය මේ වන විට එය අසත්‍යක් බව තහවුරු වී ඇතැයි ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිවල සාමාජිකයන් විසින් සඳහන් කරනු ලබයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසූයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් සහ අතිකාල නියමිත පරිදි ගැනීමට රජය මගින් ප්‍රතිපාදන වෙන්කර ලබා දීම අත්‍යවශ්‍ය කටයුත්තක් වන බවත් දැනට රටේ ඇතිවී ඇති ආර්ථික අර්බුධකාරී තත්වයන් සමග සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවට තුලින් මේ මොහොතේ සෞඛ්‍ය සේවකයන් තුළ අසහනකාරී තත්ත්වයක් සහ රෝහල් පරිසරය තුළ ගැටුම්කාරී වාතාවරණයක් පවා නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවයි.

එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස තමන් ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන් වෙත ඉදිරි කාලයේ දී නිල වශයෙන් දැනුම් දීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19