AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව අප්‍රේල් 01 වෙනිදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත්, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ගාස්තු ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාවට දැන ගැනීම සඳහා මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?