AFC Banner
Empty Ad
Empty Ad

වීවාහ උත්සවයේ වෙළදාම් කළ ගිනිකෙළි වෙළෙන්දාට මැරෙන තුරැ පහර දීලා

සුළු වෙළෙන්දෙකු පහරදී ඝාතනය කර ඔහුගේ සිරැර ද අසල තබාගෙන මංගල උත්සවයක ප්‍රීති වූ පිරිසක් පිළිබද ‍ පකිස්තානයෙන් වාර්තා වේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කසූර් දිස්ත්‍රික්කයේ පට්ටෝකී නගරයෙනි.

අශ්රාෆ් හෙවත් සුල්තාන් නම් ගිනිකෙළි වෙළෙන්දෙකු ‍විවාහ මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබූ ශාලාවකට ඇතුළු වී ‍වෙළෙදාමේ නිරත වී ඇති අතර එහිදී බහින්බස් වූ පිරිසක් ඔහුට පහර දී ඇති බව පැවසේ.

එහිදී ‍බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයාගේ සිරුර උත්සව ශාලාව මැද තබාගෙන පහරදුන් පිරිස විනෝද වෙමින් ආහාර ගැනීම පවා සිදුකර ඇති බව එරට වාර්තාවල දැක්වේ.

පසුව පොලිසිය පැමිණ පහරකෑමට ලක්වූ පුද්ගලයා ඉවත් කර ගන්නා විටත් ඔහු මියගොස් සිට ඇති බව සදහන් වේ.

මේ සියල්ල දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ පැතිර යමින් පවතින බව ද එරට වාර්තා සදහන් කරයි.

පුද්ගලයන්ට මෙළෙස අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිදුවීම් මේ වන විට පකිස්තානය තුළ දරැණු ලෙස ඉහළ ගොස් ඇති බව එරට පොලිසිය පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?