වීවාහ උත්සවයේ වෙළදාම් කළ ගිනිකෙළි වෙළෙන්දාට මැරෙන තුරැ පහර දීලා

සුළු වෙළෙන්දෙකු පහරදී ඝාතනය කර ඔහුගේ සිරැර ද අසල තබාගෙන මංගල උත්සවයක ප්‍රීති වූ පිරිසක් පිළිබද ‍ පකිස්තානයෙන් වාර්තා වේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කසූර් දිස්ත්‍රික්කයේ පට්ටෝකී නගරයෙනි.

අශ්රාෆ් හෙවත් සුල්තාන් නම් ගිනිකෙළි වෙළෙන්දෙකු ‍විවාහ මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබූ ශාලාවකට ඇතුළු වී ‍වෙළෙදාමේ නිරත වී ඇති අතර එහිදී බහින්බස් වූ පිරිසක් ඔහුට පහර දී ඇති බව පැවසේ.

එහිදී ‍බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයාගේ සිරුර උත්සව ශාලාව මැද තබාගෙන පහරදුන් පිරිස විනෝද වෙමින් ආහාර ගැනීම පවා සිදුකර ඇති බව එරට වාර්තාවල දැක්වේ.

පසුව පොලිසිය පැමිණ පහරකෑමට ලක්වූ පුද්ගලයා ඉවත් කර ගන්නා විටත් ඔහු මියගොස් සිට ඇති බව සදහන් වේ.

මේ සියල්ල දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ පැතිර යමින් පවතින බව ද එරට වාර්තා සදහන් කරයි.

පුද්ගලයන්ට මෙළෙස අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිදුවීම් මේ වන විට පකිස්තානය තුළ දරැණු ලෙස ඉහළ ගොස් ඇති බව එරට පොලිසිය පවසා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01