AFC Banner
Empty Ad
Empty Ad

තුර්කි ජනාධිපතිවරයා සමග කතා කළ කාන්තාවකට වසර 20ක සිර දඩුවමක්

තුර්කි ජනාධිපති තායිෆ් එ‍ර්දාගොන් චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සංචාරය කරන අතරතුර ඔහු සමග කතා කිරීමේ වරදට උයිගුර් කාන්තාවකට වසර විස්සක සිර දඩුවමක් නියම කර ඇති බව වාර්තාවනවා.

අදාළ කාන්තාවගේ සැමියා උපුටා දක්වමින් රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කර ඇත්තේ වත්මන් තුර්කි ජනාධිපති තායිෆ් එ‍ර්දාගොන් 2012 වසරේ තුර්කි අගමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සංචාරය කරන අතරතුර මී‍ට අදාළ සිදුවීම හටගත් බවයි.

උරැම්කි නගරයේ දී උයිගුර් කාන්තාවක් වන මාරියම් ඉමෙට්, එර්දාගොන් සමග පැයක පමණ කාලයක් සංවාදයේ යෙදෙමින් ප්‍රාන්තයේ සුලු ජනවර්ග මුහුණ දෙන ගැටලු පිළිබද පැහැදිළි කිරීමක් කර තිබෙනවා.

මෙම ප්‍රකාශය පදනම් කරගෙන 2017 වසරේ දී මෙම කාන්තාව චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අනතුරැව පැවැත්වූ නඩු විභාගයකින් පසු අධිකරණය විසින් ඇයට වසර විස්සක සිර දඩුවමක් නියම කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?