ගෑස් ගැන ඇමතිගෙන් හොද පුවතක්

අද (22) දිනයේ මෙන්ම ඉදිරි දින කිහිපය තුළදීත් ගෑස් නෞකා කිහිපයක්ම මෙරටට ළඟාවීමට නියමිත බැවින් ඉදිරියේදී හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමේ හැකියාවක් ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“අද ළඟාවූ නැවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,600ක් තිබෙනවා. එයින් ගෑස් සිලින්ඩර් 288,000ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අද සිට ඉදිරියට ඒ නැව් ටික නියමිත පරිදි ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසේ ලක්ෂ 12ක ගෑස් සිලින්ඩර හිඟයක් තිබුණා. ඇත්ත ඒකයි. විදිමත් පරිදි ඒ ඇනවුම් ළඟා වුණේ නෑ. දැන් එහෙම නෑ. ලිට්‍රෝ ගෑස් මිල වැඩි කිරීම ගැන තාම අවසාන තීරණයක් නෑ. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ වැඩිවීමක් සහ ඩොලරයේ වැඩිවීමක් අද තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05