රුසියාව විසින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු එරට ප්‍රබලයන් තිදෙනෙකුට සම්බාධක පනවා තිබෙනවා.
සම්බාධක පනවා ඇති සෙසු දෙදෙනා වන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන අය.
ඒ අනුව මෙම තිදෙනාට රුසියාවට ඇතුළුවීම තහනම් වන අතර ඔවුන්ගේ වත්කම් රුසියාවේ ඇත්නම් ඒවා තහනම් කිරීමටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
එමෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට ද රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11













