තරුණයෙක්ට තැන දෙන්න අඟමැති දේශපාලනයෙන් සමුගනී

එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජිබ් මිකාති පවසයි.

එම මැතිවරණය මැයි 15 වනදා පැවැත්වීමට නියමිත ය.

වසර තුනක පමණ සිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ලෙබනනය ඔහුගේ මෙම තීරණයෙන් දේශපාලන අර්බුදයකත් මුහුණ දීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම සුන්නි දේශපාලන කටයුතු සඳහා ද එම තීරණය දැඩි බලපෑමක් ඇති කළ හැකි බව සඳහන් වෙයි.

ලෙබනනයේ හිටපු අගමැතිවරයෙක් වන සාඩ් හරිරි ද තමා දේශපාලනයෙන් ඉවත්වන බව පසුගිය ජනවාරි මාසයේ පැවසීය.

“Future Movement” නම් ඔහුගේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 20 දෙනෙක් සිටින අතර ඉදිරි මැතිවරණය සඳහා ඔවුන්ද ඉදිරිපත් නොවන බව පවසයි.

ලෙබනන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 128 දෙනෙක් සිටින අතර එය ආගමික සම්භවය අනුව වෙන්කර තිබේ. ඒ අනුව සුන්නි පාර්ශවය සඳහා අසුන් 27ක් වෙන්කර ඇති අතර ඉන් රැසක් සඳහා මන්ත්‍රීවරුන් පත්කරගත යුතුය.

මිකාති පැවසුවේ “අලුත් පරම්පරාව” සඳහා අවස්ථාව ලබාදීමට තමා දේශපාලනයෙන් ඉවත්වන බවය.

ලෙබනනයේ ආර්ථිකයට මොකද වුණේ ?

2019 වසරෙන් පසුව ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර මේ වනවිට එරට මුදල් ඒකකයේ වටිනාකම 90%කින් පමණ බාල්දුවී තිබේ.

එසේම මේ වනවිට එරට පවුල් මිලියන 4ක් පමණ දරිද්‍රතාවයට තල්ලුවී ඇති බවද සඳහන් ය.

ලෙබනනය 1975 සිට 1990 දක්වා සිවිල් යුද්ධය හේතුවෙන් බැට කෑ අතර අනතුරුව බලයට පත් රජයන් යටතේ එරට රාජ්‍ය ණය සීඝ්‍රයෙන් වැඩිවිය.

කලක් මැද පෙරදිග ස්විස්ටර්ලන්තය ලෙස හඳුන්වා දුන් ලෙබනනයට වර්තමාන ආර්ථික අර්බුදය මතුවූයේ එරට පාලකයින්ගේ දුර්වලතා බව පිළිගත් මතයකි.

එරට ප්‍රධාන ආදායම විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව සම්ප්‍රේෂණය කරනු ලබන ඉපයීම්ය. නමුත් රට තුළ ආගමික කල්ලිවාදය සහ හිස්බුල්ලා සංවිධානය ශක්තිමත් වීමත් සමගම රටට ගලාඑන සම්ප්‍රේෂණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56