චීලියේ ජනාධිපති ධුරයට තාරුණ්‍යයේ නායකයෙක්

වාමාංශික හිටපු ශිෂ්‍ය නායකයෙකු සහ චිලී විශ්වවිද්‍යාලයේ නීති හා සමාජ විද්‍යා උපාධිධාරියෙකු වන ගේබ්‍රියෙල් බොරික් ෆොන්ට් චිලී රාජ්‍යයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

36 හැවිරිදි බොරික්, සිය කැබිනට් සාමාජිකයන්ද සමග සන්තියාගෝ අගනුවරට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි වල්පරයිසෝ හි ජාතික සම්මේලනයේ පැවති උත්සවයකදී දිවුරුම් දුන්නේය. ඒ අනුව, ඔහු 2026 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත.

“මට මේ කැබිනට් මණ්ඩලය ගැන ලොකු ආඩම්බරයක් තිබෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපාරයට හේතුවෙන් පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි නිසා ආඩම්බරය දෙගුණ තෙගුණ වෙනවා. අපි චිලී ජනතාවට ඇති ණයගැති බව කිසිදා අමතක කරන්නේ නැහැ” ඔහු නව කැබිනට් මණ්ඩලයට පැවසීය.

චිලී ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බොරික් තරුණයන්, ස්ත්‍රීවාදීන් සහ පරිසරවේදීන්ගෙන් පිරුණු කැබිනට් මණ්ඩලයක් තෝරාගෙන ඉතිහාසගත වී ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සහ ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ ආඥාදායකත්වයෙන් පීඩාවට පත් චිලියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු රට තුළ ඇතිවූ ඓතිහාසික බලකිරීම ඔහුව ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23