spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීලියේ ජනාධිපති ධුරයට තාරුණ්‍යයේ නායකයෙක්

වාමාංශික හිටපු ශිෂ්‍ය නායකයෙකු සහ චිලී විශ්වවිද්‍යාලයේ නීති හා සමාජ විද්‍යා උපාධිධාරියෙකු වන ගේබ්‍රියෙල් බොරික් ෆොන්ට් චිලී රාජ්‍යයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

36 හැවිරිදි බොරික්, සිය කැබිනට් සාමාජිකයන්ද සමග සන්තියාගෝ අගනුවරට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි වල්පරයිසෝ හි ජාතික සම්මේලනයේ පැවති උත්සවයකදී දිවුරුම් දුන්නේය. ඒ අනුව, ඔහු 2026 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත.

“මට මේ කැබිනට් මණ්ඩලය ගැන ලොකු ආඩම්බරයක් තිබෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රීවාදී ව්‍යාපාරයට හේතුවෙන් පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි නිසා ආඩම්බරය දෙගුණ තෙගුණ වෙනවා. අපි චිලී ජනතාවට ඇති ණයගැති බව කිසිදා අමතක කරන්නේ නැහැ” ඔහු නව කැබිනට් මණ්ඩලයට පැවසීය.

චිලී ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බොරික් තරුණයන්, ස්ත්‍රීවාදීන් සහ පරිසරවේදීන්ගෙන් පිරුණු කැබිනට් මණ්ඩලයක් තෝරාගෙන ඉතිහාසගත වී ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික හා සෞඛ්‍ය අර්බුදය සහ ජෙනරාල් ඔගස්ටෝ පිනෝෂේගේ ආඥාදායකත්වයෙන් පීඩාවට පත් චිලියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු රට තුළ ඇතිවූ ඓතිහාසික බලකිරීම ඔහුව ජනාධිපති ධුරය දක්වා ඔසවා තැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?