සහන ගෙන්න මුදල් ඇමති ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය ලබන සතියේ සිදු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පසුගිය ජනවාරි මාසයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් සමග පැවැත්වූ වීඩියෝ සංවාදයේ දී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සහ නව ආයෝජන ව්‍යාපෘති පිළිබඳව අදහස් හුවමාරු වුණා.

විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබාදීමට ද ඉන්දියාව එකඟත්වය පළ කළා. එහිදී ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක් ලබා ගැනීමට අදාළව මුදල් අමාත්‍යවරයා ඉන්දියාව වෙත යාමටයි සැලසුම් කෙරුණේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය 8 වනදා නැවතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග දුරකථන සංවාදයක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට හැකි සියලු ආකාරයෙන් සහය වන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

එමෙන්ම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මීළඟ ඉන්දීය සංචාරය පහසු දිනයක දී සිදු කිරීමට ද එහිදී එකඟත්වයක් ඇතිවුණා. ඒ අනුවයි මුදල් අමාත්‍යවරයා ඉදිරි සතියේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05