රුසියාවට තවත් අනතුරු ඇඟවීමක්

රුසියාව මූලික න්‍යෂ්ටික ආරක්ෂණ මූලධර්ම උල්ලංඝණය කරමින් පවතින බව එක්සත් ජනපදය පවසයි.

යුක්‍රේනයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත රුසියාව විසින් ප්‍රහාර එල්ල කිරිම වහාම නැවැත්විය යුතු බව එක්සත් ජනපද බලශක්ති ලේකම් ජෙනිෆර් ග්‍රෑන්හෝම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

යුක්‍රේන රුසියා යුද ගැටුම්වල 15 වන දිනය වූ ඊයේ (11) දිනයේ රුසියාව විසින් කාර්කිව් (Kharkiv) හි න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයකට ෂෙල් ප්‍රහාර එල්ල කර තිබේ.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර වලින් එම මධ්‍යස්ථානයට හානියක් සිදුව නොමැති බව එහි ප්‍රධානියා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

න්‍යෂ්ටික ඉන්ධන ටැංකියකට භෞතිකව හානි සිදු වුවහොත් විකිරණශිලි මූලද්‍රව්‍ය කාන්දු වී පරිසරයට දැඩි හානි සිදුවිය හැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන සංවාදයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පැයකට ආසන්න කාලයක් මෙම දුරකතන සංවාදය පැවති බව සඳහන් වේ.

රුසියානු ආක්‍රමණයෙන් පසු ජනාධිපතිවරුන්  දෙපළ අතර විනාඩි 30ක පමණ දුරකතන සංවාද පවත්වා ඇති අතර මෙය ඉතා දිගු සංවාදයක් බව ද විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

කෙසේවෙතත් සාකච්ඡාවෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්‍රේනය ආරක්ෂා කිරීමට සහ රුසියාවට එරෙහි සම්බාධක වැඩි කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23