spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවට තවත් අනතුරු ඇඟවීමක්

රුසියාව මූලික න්‍යෂ්ටික ආරක්ෂණ මූලධර්ම උල්ලංඝණය කරමින් පවතින බව එක්සත් ජනපදය පවසයි.

යුක්‍රේනයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත රුසියාව විසින් ප්‍රහාර එල්ල කිරිම වහාම නැවැත්විය යුතු බව එක්සත් ජනපද බලශක්ති ලේකම් ජෙනිෆර් ග්‍රෑන්හෝම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

යුක්‍රේන රුසියා යුද ගැටුම්වල 15 වන දිනය වූ ඊයේ (11) දිනයේ රුසියාව විසින් කාර්කිව් (Kharkiv) හි න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයකට ෂෙල් ප්‍රහාර එල්ල කර තිබේ.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර වලින් එම මධ්‍යස්ථානයට හානියක් සිදුව නොමැති බව එහි ප්‍රධානියා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

න්‍යෂ්ටික ඉන්ධන ටැංකියකට භෞතිකව හානි සිදු වුවහොත් විකිරණශිලි මූලද්‍රව්‍ය කාන්දු වී පරිසරයට දැඩි හානි සිදුවිය හැකි බව ද ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන සංවාදයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පැයකට ආසන්න කාලයක් මෙම දුරකතන සංවාදය පැවති බව සඳහන් වේ.

රුසියානු ආක්‍රමණයෙන් පසු ජනාධිපතිවරුන්  දෙපළ අතර විනාඩි 30ක පමණ දුරකතන සංවාද පවත්වා ඇති අතර මෙය ඉතා දිගු සංවාදයක් බව ද විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

කෙසේවෙතත් සාකච්ඡාවෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්‍රේනය ආරක්ෂා කිරීමට සහ රුසියාවට එරෙහි සම්බාධක වැඩි කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?