විශ්‍රාමිකයින්ට අද සිට ලබෙන සහනය

විශ්‍රාමික හැඳුනුම්පතකට හිමිකම් කියන ඕනෑම විශ්‍රාමිකයෙකුට කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය හරහා අද සිට බලාත්මක වන පරිදි සහන පැකේජයක් හඳුන්වාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවලින් මෙම වට්ටම් සහිත ගණුදෙනු කිරීමේ හැකියාව විශ්‍රාමිකයින්ට සැලසෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

භාණ්ඩ මිලදි ගැනීමේදී බිල්පතෙහි මුළු එකතුව සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදීමත්, සෑම මාසයකම විශ්‍රාම වැටුප් සතිය තුළ තෝරා ගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමත් මේ යටතේ සිදු කෙරෙනවා.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිනමාහල්වලින් ටිකට්පත් මිල දී ගැනීම්වල දී සියයට 25 ක වට්ටමක් සහ කේ එෆ් සී අවන්හල්වල රුපියල් 5000ට වැඩි බිල්පත් සඳහා සියයට 10ක වට්ටමක් ද විශ්‍රාමිකයින්ට මෙහිදී ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ දුම්‍ රිය ගමන්වාර ක්‍රියාත්මකවන අයුරු
03:10
Video thumbnail
නන්දන ගුණතිලක හිටියනම් අද තමයි ජීවිතයෙන් සමු ගන්නේ.."අයියගේ වියෝව අපිට සැක සහිතයි" නැගණිය කියයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට..මාසයකට ආසන්නව ටීම් එකක් විදියට Practice කළා
01:47
Video thumbnail
S.F. රාජු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට
00:33
Video thumbnail
"S.F. රාජු" විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට ගෙන එයි
00:56
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29
Video thumbnail
දියේ ගහගෙන ගිය අලියා ගොඩට ඇවිත් උණුසුම් වූ අයුරු..කැබ් එක කුඩු වුණත් බුදු පිළිමයට කිසිම හානියක් නැහැ
01:33
Video thumbnail
හිටපු ජනාධිපති මෛත්‍රිපාල අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනි..කට්ටිය වටකරගෙන Selfie ගහන හැටි
03:49
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන පියතුමෙක් සංවේදී වී කළ ප්‍රකාශය..සත්‍යතාවය දැනගන්නේ කවදාද?
05:16