ඔබතුමා අවසර දෙනවානම් ගෙදරින් කෑම ගේන්නම් : භෝජනාගාරය වසා දමන්න – මන්ත්‍රී කැටගොඩ කියයි

කථානායකවරයා අවසන් දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම ගෙන ඒමට හැකියාව ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරය වසා දමන්නැයි තමා ඉල්ලා සිටින බව මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියා.

කතානායකවරයා අවසර දෙන්නේ නම් පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දැමිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ දියර කිරි ගැන පළවූ වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයේදී ඇතිවූ සංවාදය මෙසේයි :

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර :

මොකක්ද මේ මන්ත්‍රී භෝජනාගාරයේ ඇතිවෙලා තියෙනවා කියන කිරි සිද්ධිය. මේ වගේ සිද්ධියක් වෙලා නම් ඒක මෙතන ඉන්න 225ටම හොඳ නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන :

ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා ඒ ගැන දැන් ප්‍රකාශයක් කරනවා.

ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා : මන්ත්‍රීවරුන් පිරිසක් දියර කිරි ඉල්ලා යකා නටලා කියලා පුවත්පත් වාර්තාවක් පළ වී තිබුණා. අපි ඒ ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නෑ. මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි :

පාර්ලිමේන්තුවේ අයට හැමදේම තියෙනවා. අපිට මොකුත් නෑ කියලා ජනතාව කියනවා. අද පාර්ලිමේන්තුවේ ගෑස් හිඟයක් නෑ.ඒත් රටේ මිනිස්සුන්ට ගෑස් නැහැ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය අපි හොඳින් දන්නවා. කිරි ප්‍රශ්නයත් අපිට විතරක් නෙමේ රටටත් තියෙනවා. ගරු කතානායකතුමනි මේ තත්ත්වය නිවැරදි වෙන්න ඕන. මන්ත්‍රීවරයකු විදියට මටත් මේ චෝදනාව එනවා.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා :
ඔය හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පැන්න වගේ වැඩක්. මන්ත්‍රී භෝජනාගාරය වහල දාන්න. අපිට ප්‍රශ්නයක් නෑ. අපි ගෙදරින් කෑම එකක් ගෙනල්ල කන්නම්. අපි මෙතනට එන්නේ කන්න නොවෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන :

මම ඒ වාර්තාව දැක්කා. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නම්. මේක තවදුරටත් සංවාදයක් කරගන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51