ඉන්ධන මිල සංශෝධනයක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛන්ඩව ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව මිල සංශෝධනයක් සිදු කළ යුතු බවට රජයට යළි යෝජනා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය අංශය සංවිධාන කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවට අද එක්වෙමින්.

සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ අද වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සංස්ථාවට සිදු වන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කර ගැනීමට අපහසු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ඩීසල් හිඟය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පවසනවා.

මෙම සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ, මේ වනවිටත් ප්‍රමාණවත් ඩීසල් තොග රට තුලට ලැබී ඇති අතර අද දිනයේ මෙටි්‍රක් ටොන් 37,500ක් රැගත් තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිත බවයි.

එමෙන්ම, මේ මාසය තුල ප්‍රමාණවත් ඩීසල් තොග තවදුරටත් ඇණවුම් කර ඇති බවද ලේකම්වරිය සඳහන් කළා. එමෙන්ම සියලු තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල්, හෙට සිට සපයන බව තෙල් සංස්ථාව පවසනවා.

දිවයිනට පැමිණ ඇති දැවි තෙල් මෙට්ට්‍රික් ටොන් 30,000න් වෙස්කෝස්, සෙජිස්ට්, සහ උතුරු ජනනී බලාගාරවලට මෙන්ම බාජ් බලාගාරයට අවශ්‍ය දැවි තෙල් සපයන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ද හෙට සිට නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40