නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරායෑමෙන් තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ට ලබන අප්‍රේල් මස 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කරනු ලැබුවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, පාරිභෝගික සේවා අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ය.
සමෘද්ධිය නිලධාරියකු වන ශාන්ත කුමාර සිරිමාන්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු මෙම මෙම පෙත්සම ගොනු කර තිබේ.














