ප්‍රබල ජෙනරාල්වරයෙක් රුසියාවට අහිමි වෙයි

රුසියානු හමුදාව තවත් ප්‍රබල ජෙනරාල්වරයෙක් යුක්‍රේන හමුදා සමග ඇතිවූ ගැටුමකින් මියගොස් ඇති බව වාර්තා වෙයි.

යුක්‍රේනය පවසන්නේ මේජර් ජෙනරාල් විටලි ගෙරසිමොෆ් කාර්කිව් හි පවතී ගැටුම්වලදී මියගොස් ඇති බවය.

මේජර් ජෙනරාල් විටලි ගෙරසිමොෆ්, සතියක් තුළදී ගැටුම්වලින් මියගිය දෙවැනි රුසියානු ජෙනරාල්වරයා බව යුක්‍රේන බුද්ධි අංශ පැවසීය. 

චෙච්නියා යුද්ධයේදී මෙන්ම සිරියාවේ සහ ක්‍රිමියාව ඈඳා ගැනීම වැනි සටන් වලදී දස්කම් දක්වා ඇති ගෙරසිමොෆ්, රුසියානු හමුදාවේ සිටි දක්ෂ හමුදා නිලධාරියෙක් ලෙස සැලකේ.