අනුෂා සොනාලි හෙළි කරන රහසක්

“මමත් ගැහැනියක්” , “දරු උපතක්” , “විසිදැල” වැනි ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම අඩනිරුවත් චරිත සහ ලිංගික දර්ශනවල රඟපෑ අනුෂා සොනාලිව ඔබට අමතක නැතුව ඇති. ‘විසි දැලෙන්’ ජනප්‍රියත්වයේ මුදුනටම ගිය ඈ අනතුරුව ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලයේ චිත්‍රපට රැසකටම සිය රංගන දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම ‘මමත් ගැහැනියක්’ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ‘සමලිංගික’ චරිතය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්වූ එකක්.

පසුව ආබාධිත වුණු අනුෂා අද දිවි ගෙවන්නෙ රෝද පුටුවක යි. කෙසේ හෝ වේවා සමාජ මාධ්‍ය තුළ නිරන්තර දකින්න ලැබෙන ඇය පසුගිය දිනෙක ඇගේ කතාව කොටස් වශයෙන් ඇගේ රසිකයින් හමුවේ අනාවරණය කළා.

මේ තියෙන්නෙ එසේ ඇය කියූ ඇගේ කතාවේ තවත් කොටසක්…

“මම කළුතර බාලිකා ඉස්කෝලෙට තමා ගියේ. හරිම සුන්දර පාසල් කාලයක්. මම ගොඩක් දග චරිතයක්. පාසලේදී මම ක්‍රීඩාව වගේ ම නැටුම් එහෙමත් කළා. මගේ ජීවිතේ වෙලා තිබුණේ, මම හිතන්නෙ…. ඒක කියන්න තේරෙන් නෑ. මම හැම ක්‍රීඩාවකටම, නර්තන පැත්තෙන් එහෙමත් ඉදිරියට ගියා. පාසලේ දී මම ජනප්‍රිය චරිතයක්. ආයෙ පාසල් කාලේට යන්න ඇත්නම් කියලා හිතෙනවා. 1991 දී තමයි මම සාමාන්‍ය පෙළ කළේ. ඒ කරනවත් එක්කම මම රංගනය පැත්තටත් යොමු වෙන්න පටන් ගත්තා.”

“පන්ති කට් කරපු අවස්ථාත් තියෙනවා. පාසලේදී හැම වැඩකදිම වගේ, ඒ කියන්නෙ සමිතිවල, උත්සව දවස්වලට වුණත්… මම ක්‍රියාශිලි චරිතයක්. හැමෝම ඒ ගැන දන්නවා. මම පොඩි කාලේ ඉඳන් ජිම්නාස්ටික් හැදැරුවා. ඒක ඇත්තටම සුන්දර කාලයක්. ඒ වගේ කාල එද්දි මම හරි ආසයි. ඉගැනුමට නම් මම දක්ෂ කෙනෙක් නෙවෙයි. සමහරක් පීරියඩ් කට් කරලත් තියෙනවා. ටොයිලට් යනවා කියලා නැටුම් කාමරේට රිංගන එක තමයි කළේ. දැන් මතක් වෙනකොටත් ආසයි….”

“අදටත් මාත් එක්ක ඒ කාලේ හිටපු අය කතා කරනවා. සුන්දර අවස්ථා ගැන කතා කළොත් මට මතක් වෙන්නෙ අපි කරපු විශේෂ වැඩ තමයි. 88 විතර වෙන්න ඇති, අපි ස්ට්‍රයික් එකක් කළා. ඒකට මූලික වුණෙත් මම. පෝස්ටර් එහෙමත් හැදුවේ අපේ ගෙදර. ගුටි කාලාත් තියෙනවා. ප්‍රින්සිපල්ගේ රූම් එකේ… උදේ ඉදන් හවස් වෙනකන් හිටගෙන හිටපු අවස්ථාත් තියෙනවා. දැන් මං සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් මම. එදා හිටපු අනුෂා සොනාලි නෙවෙයි දැන් ඉන්නේ. මගේ ජීවිතේ මම වෙනස් කරගත්තෙ කොහොමද කියලා මම කියන්නම්…”

අදට ඇති නේද, විස්තර කිව්වා……. මගේ පාසල් කාලේ ප්‍රේම සම්බන්ධතා ගැන ඉස්සරහාට කියන්නම්…!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11